Sunday, December 8, 2013

Publisher Newsletter - 9th November, 2013







ප්‍රචාරක සතියේ නිවේදනය - නොවැම්බර් 9 වැනිදා

1. ගෙවීම් ප්‍රමාණය වැඩිකරන ලදී 
ඔවු! එය සත්‍යයක්!
සෑම ප්‍රචාරකයෙකු සඳහාම දැන්වීම්කරුවන් විසින් ක්ලික් එකක් සඳහා ගෙවන මුදලට අමතර 

20%ක් දක්වා ඔබට මුදල් හිමිවනු ඇත.
මේ සඳහා ඔබට කිසිවක් සිදුකිරීමට නොමැත. සියල්ල අප විසින් සිදුකර හමාරයි. 

මෙම දීමනාව වලංගු වන්නේ ජනවාරි 1 වැනිදා දක්වා පමණි. 
ඉන් පසු ඔබගේ සාමාන්‍ය අගය නැවත ලැබෙනු ඇත.

2. ප්‍රචාරකයන් හඳුන්වාදීමේ පද්ධතිය පටන් ගැනුනි!
අපගෙන් ප්‍රචාරකයන් නිති-අසන පැනයක් වන්නේ 
‘අලුත් සාමාජිකයන් හඳුන්වාදීමේ පද්ධතියක් නොමැතිද?‘ යන්නයි.
එබැවින් අප එම පද්ධතිය අද පටන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඔබ හඳුන්වාදෙන අලුත් ප්‍රචාරණකරුවන් උපයන මුදලින් 40% දක්වා ඔබට මුදල් හිමවනු ඇත.
මෙම පද්ධතිය ඔබගේ පරිපාලක ගිණුමේ ප්‍රදර්ශනය නොවන අතර, සතිපතා හෝ 
මාසිකව ඔහු/ඇය උපයන මුදල
ඔබේ ගිණුමට බැර වනු ඇත. ඒ ගැන ඊ-ලිපියක් මඟින් ඔබට දැනුම්දෙනු ඇත.
1. මෙම පද්ධතිය ඔබගේ පවුලේ අය හෝ ඔබේම වෙනත් වෙබ් අඩවි සඳහා 
යොදාගත නොහැක.
2. ඔබ හඳුන්වාදෙන අලුත් සාමාජිකයා අපගේ ප්‍රචාරකයෙකු ලෙස ලියාපදිංචි වී 
ඔහු/ඇයගේ වෙබ් අඩවියද එකතු කල පසු
ඔහු/ඇයගේ ගිණුම් අංකය ඔබේ ගිණුම් අංකයද සහිතව support@pawanamedia.com 
ලිපිනයට එවිය යුතුය. 
ලිපියේ මාතෘකාව ලෙස "Refer System" ලෙස යෙදීමට මතක තබාගන්න.
3. ඔබේ ආදායම් වර්ථාව සතිපතා ඔබේ ගිණුමට එකතුවනු ඇත.

සතියේ උපදෙස්
ගුණාත්මක දෑ ලියන්න.
කිසි විටකත් අන් අයගේ ලිපි ලේඛකගේ අවසරයකින් තොරව උපුටා නොගන්න.
ඔබ එසේ පිටපත් කරන්නෙකු යැයි අප සොයාගතහොත්, ඔබගේ ගිණුම අවලංගු වීමේ බෙහෝ ඉඩක් ඇත.
දැන්වීම් වර්ග කීපයක් යෙදීම.
ඔබ තනි පිටුවක දැන්වීම් වර්ග කීපයක් යොදාගතහොත්, ඔබට වැඩි ආදායමක් ලබාගත හැක.
උදාහරණයකට 468x60 ඔබේ වෙබ් අඩවියේ උද, 300x250 වෙබ්  අඩවියේ දකුණු පසින්ද,  728x90 වෙබ් අඩවියේ යටින්ද යොදාගත හැක..
සැම විටම නීති වලට ගරුකරන්න. ඔබේ ආදායම වැඩිවනු බලන්න! 
එමෙන්ම ඔබට උදව් අවශ්‍ය ඕනෑම විටක අපගේ කණ්ඩායම ඒ සඳහා සූදානම්!

www.pawanamedia.com   |   support@pawanamedia.com   |   P: +94 766 873 899